අපේ අරමුණු

  1. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සංක්‍රමණය හා බැඳුනු විවිධ කාරනා බලපාන ආකාරය ගැන ශාස්ත්‍රීය පර්යේෂණ කිරීම.

  2. සංක්‍රමණය හා සංවර්ධනය අතර අන්තර් සම්බන්ධතාවය පිළිබඳ දැනුම හා අවබෝධය ගොඩනැඟීම. මෙහිදී දිළිඳුකම අඩු කිරීම, ජීවනෝපාය උසස් කිරීම, සහ ආර්ථික සංවර්ධනය යන කරුණු ඉහත සම්බන්ධතාවට බලපාන ආකාරය ගැන විශේෂ අවධානයක් යොමු කෙරේ.

  3. ප්‍රතිපත්ති නිගමන වඩාත් ඵලදායි කරගැනීම සඳහා අපගේ පර්යේෂණවල නිගමන රජය, ආධාර දෙන ආයතන, ශ්‍රමිකයින්, ව්‍යාපාරිකයින්, සහ පර්යේෂක ප්‍රජාව අතර බෙදා හදා ගැනීම.

  4. පර්යේෂකයන්ට ඉහළ ප්‍රමිතියකින් යුතු පර්යේෂණ කිරීමට අවශ්‍ය පදනම අප සතු දෙස් විදෙස් සම්බන්ධතා ජාලය හරහා සපයා දීම.

  5. සංක්‍රමණය හා සංවර්ධනය ආශ්‍රිතව කටයුතු කරන පුද්ගලයින් හා ආයතනවල එම කටයුතු සඳහා ඇති ධාරිතාව වර්ධනය කරගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම.