අන්තර්ග්‍රහණයේ ගමන් පථය දෙසට: වඩාත් ආන්තිකකරණයට ලක්වූවන් සඳහා යටිතල පහසුකම් කටයුතු සකස් කිරීම

බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්ව විද්‍යාලය, සංවර්ධන අධ්‍යයන ආයතනය (IDS) සහ ඩරම් විශ්ව විද්‍යාලය සමඟ හවුල්කාරිත්වයෙන් පවත්වන ලද අන්තර්ග්‍රාහී නාගරික යටිතල පහසුකම් පර්යේෂණ ව්‍යාපෘතියෙන්, දිළිඳු නාගරික පදිංචිකරුවන් සඳහා සේවා සැපයීමේ මුඛ්‍ය ධාරා පද්ධතියේ අන්තර්ග්‍රහණය සහ බැහැර කිරීමේ හැඟවීම් පරික්ෂා කිරීම සිදු කරයි. එහි අරමුණ වන්නේ, මිශ්‍ර ක්‍රම අධ්‍යයනය මගින්, ජලය, සනීපාරක්ෂාව, බලශක්තිය, ප්‍රවාහනය සන සන්නිවේදනය යන මූලික සේවාවන් වෙත ප්‍රවේශවීමේ විවිධ රටා සහ පරාස හඳුනාගැනීම සඳහා සේවා සැපයීමේ අසමානතා ඇතිවීම සඳහා විසඳුමක් ලෙස ප්‍රවේශයට ඇති බාධා හඳුනාගැනීම සඳහා සේවා අනුගමනය කිරීම සහ ධනාත්මක මැදිහත්වීම් වැඩි දියුණු කිරීම වේ. සෙවනත නාගරික සම්පත් මධ්‍යස්ථානයේ හවුල්කාරිත්වය සහිතව නාගරික, අර්ධ නාගරික සහ වතු ප්‍රජාවන්වල සංසන්දනාත්මක අසල්වැසි ප්‍රදේශ ගණනාවක් අතර යටිතල පහසුකම් ජාල පහක විශ්ලේෂණය කිරීම තුළින්, බැහැර කිරීමේ හේතුවලට විසඳුමක් ලබා දීම සහ අන්තර්ග්‍රහණය සඳහා ප්‍රයෝගික විසඳුම් ආදර්ශනය කිරීම සඳහා වන මැදිහත්වීම්වලට සහාය දක්වන ලෙසට පර්යේෂණය වෙත දැනුම් දෙනු ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා ගෝලීය අභියෝග පර්යේෂණ අරමුදල (GCRF) හරහා එක්සත් රාජධානියේ පර්යේෂණ සහ නවෝත්පාදන මගින් අරමුදල් සපයනු ලැබේ.

දිළිඳු නාගරික වටපිටාව