නගරයේ ඉතා දිළිඳු ප්‍රදේශවල කොටුවූ ජන කොටස්වල සමාජීය ප්‍රගමනයට අත්වැලක්

පසුබිම

අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන් වන සසෙක්ස්, SOAS, ඩරම් සහ ෂෙෆීල්ඩ් යන විශ්වවිද්‍යාලත්, බ්‍රිතාන්‍යයේ රාජකීය භූගෝලීය සංගමයත් (RGS) සමඟ ඒකාබද්ධව අප ආයතනය ආන්තික සංක්‍රමණිකයන් නම් අවුරුදු 3 ක පර්යේෂණය සාර්ථකව නිම කරන ලදි. මෙම පර්යේෂණයට පදනම් වූයේ කොළඹ නගරය තුළ සංක්‍රමණික ඝනත්වය වැඩි අඩු ආදායම්ලාභී ප්‍රජාවන් හතරකි. ඉහළ සංක්‍රමණ ප්‍රවණතාවට අමතරව මෙම නාගරික ප්‍රජාව සමාජයීය හා පාරිසරික අභියෝගයන්ටද, ආදායම් සහ නිවාස සම්බන්ධ ගැටළුවලටද, මුහුණ දෙන අතර අවතැන් වීමටද ගොදුරු වේ. වැඩි විස්තර සඳහා RGS ක්ෂේත්‍ර පර්යේෂණ වැඩසටහන බලන්න.

පර්යේෂකයන් සහ සගයන් ක්ෂේත්‍ර චාරිකාවක

කොළඹ අධ්‍යයනය කළ ස්ථාන



අධ්‍යයන ස්ථාන

ලුණුපොකුණ, කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය

ඇල සහ ජන ඝනත්වය වැඩි නිවාස

සම්මන්ත්‍රනපුර, කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය

වීදි දර්ශන සහ ජන ඝනත්වය වැඩි නිවාස

කිරුලපන, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය

වීදි දර්ශනය සහ ඇල

වදුල්ල, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය

වීදි දර්ශනය සහ නැවත පදිංචි කිරීම



ක්‍රමවේදය

ඉලක්ක කණ්ඩායම් සාකච්ඡා, Q වර්ගීකරණ සම්මුඛ සාකච්ඡා සහ කුටුම්භ සමීක්ෂණ ඇතුළත් ක්‍රමවේදයක් භාවිත කළෙමු. නිලධාරීන්, ප්‍රජා නායකයින් සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සම්මුඛ සාකච්ඡා ගණනාවක් ද සිදු කරන ලදී. කුටුම්භ සමීක්ෂණය දෙමළ සහ සිංහල නිපුණත්වය ඇති සම්මුඛ පරික්ෂකයින් විසින් විද්‍යුත් පුවරු යොදා ගනිමින් සිදුකෙරිණි. පර්යේෂකයෝ විවෘත දත්ත කට්ටල මෘදුකාංගය භාවිතා කළ අතර යුනිකෝඩ් අක්ෂර යොදා ගනිමින් දෙමළ සහ සිංහල පරිවර්තන සිදු කළහ. මෙම දත්ත සමුදායන් what3words මෘදුකාංගය සමඟත් ගෝලීය ස්ථානගත කිරීමේ (GPS) තොරතුරු සමඟත් සම්බන්ධ කර ඇති නිසා පහසුවෙන් භූගෝලීය ප්‍රදේශවලට අදාල තොරතුරු ලබා ගත හැක. පුහුණුවීම් හා ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් වල ඡායාරූප පහත දැක්වේ.




තොරතුරු ව්‍යාප්තිය

තෝරාගත් විද්වතුන්, පර්යේෂකයින්, රජයේ නිලධාරීන්, සිවිල් සමාජය, පෞද්ගලික අංශය සහ පරිත්‍යාගශීලීන්ගේ සහභාගීත්වයෙන් 2018 ඔක්තෝම්බර් 16 වන දින කොළඹදී "ආන්තික සංක්‍රමණිකයන්: කොළඹ අවාසි සහගත ප්‍රජාවන් පිළිබඳ අධ්‍යයනයක්"නමින් වැඩමුළුවක් සහ ප්‍රදර්ශනයක් පවත්වන ලදී. මෙය ජනවාර්ගික අධ්‍යයන සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානය (ICES) සසෙක්ස් විශ්ව විද්‍යාලය සමඟ සහයෝගයෙන් සිදු කරන ලදී. අර්ධ දින වැඩමුළුවේ දී පර්යේෂණ කණ්ඩායම් සාමාජිකයින් විසින් පර්යේෂණයේ පසුබිම, යොදාගත් ක්‍රම, මුල් සොයා ගැනීම් සහ ප්‍රතිපල ඉදිරිපත් කල අතර සහ බාහිර විද්වතුන් ඒ ගැන සිය අදහස් පලකළහ. ප්‍රදර්ශනය ජනතාවගේ ජීවිත හා ජීවනෝපායන් උකහා දැක්වූ ඡායාරූප එකතුවක් සහ කොළඹ නගරයේ සංකල්පීය කලා කෘතියක්. ඊට අමතරව කොළඹ, ඩකා, හරාරේ සහ හර්ගීසා යන නගර වල සිතියම් මාලාව එළිදැක්වීමද PositveNegatives විසින් "ආන්තික සංක්‍රමණිකයන්" නමැති කතන්දර පොත එළිදැක්වීමද සිදු කරන ලදී. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, සිම්බාබ්වේ, සෝමාලිලන්තය පර්යේෂක කණ්ඩායම් ද සසෙක්ස්, එස්ඕඒඑස්, ඩර්හැම් සහ ෂෙෆීල්ඩ් යන විශ්ව විද්‍යාල පර්යේෂක කණ්ඩායම් ද සමඟ අන්තර්ජාතික වැඩමුළුවක් 2018 සැප්තැම්බර් 10 සිට 12 දක්වා ජොහැන්නස්බර්ග් හිදී පැවැත්විණි. පර්යේෂණයේ දෙවන අදියර සැලසුම් කිරීම සඳහා 2019 ජුනි මාසයේදී එක්සත් රාජධානියේ පසු විපරම් වැඩමුළුවක් පවත්වන ලදී. CMRD විසින් අධ්‍යයන ලිපි මාලාවක් ඇතුළුව පොත් පරිච්ඡේද සහ සඟරා ලිපි ගණනාවක් සකස් කරමින් පවතී. කොළඹ වැඩමුළුවේ සහ ප්‍රදර්ශනයේ ඡායාරූප කිහිපයක් පහතින්.