About the CMRD team

CMRD ආයතනය එහි කාර්යයන් සහ තිරසාර බව සඳහා සහයවන පාර්ශව දෙකක ප්‍රතිපලයකි. ප්‍රමුඛතම පාර්ශව නම් ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, ජන විකාශනය, භූගෝල විද්‍යාව, සංක්‍රමණය, ජනගහන අධ්‍යයනය, පාලනය, ස්ත්‍රී පුරුෂ භාවය, පරිසරය, නාගරික සංවර්ධනය, ගැටුම්, ජීවනෝපායන්, නැවත පදිංචි කිරීම, ආධාර, සංවර්ධන ප්‍රතිපත්තිය, මූල්‍ය හා සංඛ්‍යාලේඛන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන පර්යේෂකයන් සමූහයයි.

දෙවැනි පාර්ශවය වන්නේ මධ්‍යස්ථානයේ එදිනෙදා කටයුතු සහ සාමාන්‍ය පරිපාලනය සඳහා වගකිව යුතු කළමනාකරණ කණ්ඩායමයි. මධ්‍යම හා දිගු කාලීන උපායමාර්ගික සැලසුම් සහ CMRD හි මඟ පෙන්වීම සම්බන්ධ වෙනත් කරුණු සඳහා උපදේශක මණ්ඩලයේ උපදෙස් අනුව ඔවුන් කටයුතු කරයි. අප වටා සිටින පර්යේෂණ සහකරු ජාලය (collaborrators) විශේෂිත ක්ෂේත්‍රවල පර්යේෂණවලදී අප හා එක්ව කටයුතු කරයි. CMRD සඳහා වෙබ් අඩවිය නිර්මාණය කර ඇත්තේ ඩබ්ලිව්. ඒ. කේ. සංජීව විසිනි. එය කළමනාකරණය කරනු ලබන්නේ අබ්දුල්ලාහ් අසාම් විසිනි. වරලත් ගණකාධිකාරීවරුන් වන අමරසේකර සහ සමාගම විසින් වාර්ෂික විගණන පවත්වනු ලබන අතර, ලේකම් සේවාවන් සපයනු ලබන්නේ Corporate Affairs (Pvt) Ltd විසිනි.